Thursday 9 September 2010

රෝස වළාකුලේ නීනූට සහ - මට සත්‍ය පසක් වනු පිණිස.....

රෝස වලාකුලේ ලියා තිබූ දේශපාලන විග්‍රහයක් දැකීම නිසා මට මෙහෙම හිතුනා. කිසිම දෙයක් ගැන මහාප්‍රාණ විවේචන හා අදහස් දැක්වීමට අප ලබා ඇති අත් දැකීම් මද බැවින් මෙවැනි සරල ප්‍රකාශනයන් මඟින් යතා තත්වය අවබොධ කර ගැනීම පහසුවෙනවා. එහෙත් සියල්ල එකවිට පිළිනොගෙන විකල්ප අදහස් සමඟ ගැටීම හරහා යම් තරමකට මේවා පිළිබඳ නියම ස්වරූපය හඳුනා ගත හැකි බව මගේ හැඟීමයි. ඒක නිසාම මටත් මේ වගේ දෙයක් මගේ අදහසක් හැටියට ලියන්න හිතුනා.

(දේශපාලනය පිළිබඳව උන්නන්දුවක් ඇතත් වර්තමාන දේශපාලනය පිළිබඳ කලකිරී සිටින මා මෙම ලිපිය ලිවීමේදී කිසියම් පක්ෂයකට පක්ෂපාතීව කටයුතු නොකරන බව දන්වා සිටිමි. කුණුහරුප නොවන සරල ලිපියකට පිළිතුරු ලෙස මෙසේ අදහස් පල කරමි.)


ආරම්භයේ දීම ඇය විසින් අසා තිබු පැනයට ("18 වෙනි ව්‍යවස්ථා සංශෝධනයට ඔබ සහය පළ කරන්නෙ ඇයි?") විකල්ප ලෙස මේසේ අසමි.

"18 වෙනි ව්‍යවස්ථා සංශෝධනයට ඔබ සහය පළ නොකරන්නේ ඇයි?"

"මේ වෙලාවේ ඊට වැඩිය ප්‍රශ්ණ තියෙනවා" වැනි ජනප්‍රිය පිළිතුරු හැර වෙනෙත් සාධාරණ පිළිතුරක් දීමට සාමාන්‍ය මහජනතාවට හැකි වේ යයි සිතිය නොහැකිය. මන්ද, ඔවුන් සියළු දෙනාම ක්‍රියාකරන්නේ නිනූ සත්‍යා මෙන්ම තමුන්ට හැඟෙන දැනෙන ආකාරයටය. ව්‍යවස්ථා කෙටුම්පත කියවීමට තබා බැලීමටවත් ඔවුන්ට ලැබෙන්නේ නැත. ඔවුන් රටේ ජනමාධ්‍ය පසුපසින් යන්නේ මෙවැනි වාතාවරණයක් ඇති නිසාය. එහෙත් රටේ ජනමාධ්‍ය තමුන්ගේ කාර්යය සාධාරණව හා අපක්ෂපාතීව කටයුතු නොකර බොරදියේ මාළු බෑමට කැසකවන කල්හි සාමාන්‍ය මහජනතාව මංමුලාවීම පුදුමයක් නොවේ.

එහෙත් අපට කළහැකි එක දෙයක් ඇත. එනම් අතීතය හා වර්තමානය සංස්දනාත්මකව සිතාබලා අනාගතය පිළිබඳව යම් අදසක් ඇතිකර ගත හැකිය. මෙම අදහස නිවැරදි වීමට හෝ වැරදි වීමට ඉඩ ඇතත් බොරදියේ මාළු බාන්නන්ට අසු නොවී යම් බලාපොරොත්තුවක් ඇති කර ගැනීමට අපට හැකිය.

හරකා තමන්ගේ ගෙවත්තට ඇතුලුවූදා කාගෙ කාගේත් මේ මෝඩ චූන් එක අවසන් වනු ඇති බව රෝස වළාකුලේ කොමෙන්ටුවක දැක්කා. කතාව සහතික ඇත්ත. නමුත් හරකා අපේ ගෙවත්තට ඇතුලුවෙලා හිටිය කාලයක් තිබුනා ඔබට මතක ඇති. අපේ භවබෝග විනාශ කරමින්, අපේ සහොදරයෝ, නෑදෑයෝ උදුරගනිමින් යකා නටපු හරක් යම් තරමකට අපේ ගෙවත්තෙන් ඈතට ගිහින් කියල අපට හිතෙන්නේ නැද්ද? මේ මෑතක් වනතුරුම අප සුසුම් හෙළුවේ ඔවුන් එලවන්න නේද? එහෙත් මේ දේවල් නිසා දේශපාලුවන්ට ඕනෑම දෙයක් කිරීමට ඉඩ නොදිය යුතුය.

නමුත් මේ ව්‍යවස්ථා සංශෝධනයෙන් ඉල්ලන්නේ කුමක් ද? ජානාධිපති ධූර කාලය වැඩිකරන්න නොවේ. තමුන්ට අවශ්‍ය දක්ෂ නායකයෙක් තෝරා ගැනීම සඳහා සාමාන්‍ය මහජනතාවට තවත් අවස්තාවක් ලබා දීමයි. පවතින ක්‍රමය යටතේ කොතරම් දක්ෂ නායකයෙකු වුවත් දෙවාරයකින් පසු ඉවත් විය යුතුය. ඉන් පසුව ඉදිරිපත් වන්නේ අදක්ෂයෙකු වුවත් කළ හැකි දෙයක් නැත. නමුත් මෙම ව්‍යවස්ථා සංශෝධනයෙන් පසු දක්ෂ නායකයෙක් නම් තව වරක් තෝරා ගැනීමටත් අදක්ෂ නායකයෙක් නෙරපා හැරීමටත් සාමාන්‍ය මහජනතාවට හැකියාවක් ලැබේ.

මෙයින් අදහස් වන්නේ කී වාරයක් ඉල්ලුවත් තේරී පත් වන්නේ දක්ෂයා බවය. එක් වරක් දෙවරක් නොව හත් අට පාරක් ඉල්ලුවත් බැරි එකාට බෑමය. එබැවින් මගේ පෞද්ගලික මතය වන්නේ ජනාධිපතිවරණය සඳහා ඉල්ලුම් කිරීමට හැකි වාර ගනන වැඩි කිරීම එතරම් ගැටළුවක් නොවන බවයි.

Leia Mais…